සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1930දී ආරම්භ කරන ලදමෙම පාසලේ මුල්ම විදුහල්පතිවරයා ඩී.විජේනායක මහතා ය. ආරම්භයේදී සිසුන් 30 දෙනෙකු පමණ පාසලේ අධ්‍යාපනය ලබා ඇත.ආරම්භයේ දී 60*20 ප්‍රමාණයේ එක් ගොඩනැගිල්ලක් හා එක් ගුරු නිවාසයක් සහිත වූ මෙහි වර්තමානයේ 60*20 ප්‍රමාණයේ ගොඩනැගිලි 03ක් ද 80*20 ප්‍රමාණයේ ගොඩනැගිලි 02ක් ද 100*20 ප්‍රමාණයේ ගොඩනැගිලි 01ක් ද 40*25 ප්‍රමාණයේ පුස්තකාල ගොඩනැගිලි 01ක් ද 30*20 ප්‍රමාණයේ බහුකාර්ය ගොඩනැගිලි 01ක් ද 24*25 ප්‍රමාණයේ ගුරු නිවාස 01ක් ද දැකිය හැක.
ක්‍රම ක්‍රමයෙන් අභියෝග ජය ගනිමින් ඉදිරියට පැමිණි මෙම පාසල වර්තමානයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය හා අ.පො.ස. සා.පෙ. විභාගවලින් ඉතා ඉහළ ප්‍රතිඵල ලබා දෙමින් ද බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 23ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 6කින් සමන්විතය. 245ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණ නැණ සපිරි පරිසර හිතකාමී දරු පරපුරක් දැයට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන්ද ඇතුළු සියලු පාසල් ප්‍රජාවේ සහයෙන් අප නිරන්තර උත්සහයේ නිරත වන්නෙමු.
|
ආරම්භ කළ වර්ෂය |
1930 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.විජේනායක මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
ලබුහේන්ගොඩ කනිටු විදුහල |
|
පාසල රජයට පවරාගත් දිනය |
1930 |





