හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ්.එස්.ලීලාවතී මිය

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පාසල් නිල වෙබ් අඩවියට පණිවිඩයක් තැබීමට අවස්ථාව ලැබීම පිළිබද ව මම ප්‍රථමයෙන්  සතුට පළ කරන්නෙමි. ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් වන අප පාසලේ දරුවන් දිනෙන් දින සිය හැකියා කුසලතා සංවර්ධනය කර ගනිමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ පාසලට ලබා දීමට කටයුතු කර ඇත. එහිදී  තවත් ඉදිරි පිම්මක් ලෙස නිර්මාණය වන මෙම වෙබ් අඩවිය සංවර්ධනය සදහා ඇප කැප වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි. එසේම මෙම වෙබ් අඩවිය පාසලේ සියලු කටයුතු සදහා සාර්ථක සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
සැමට තෙරුවන් සරණයි..!

ඩබ්.එස්.ලීලාවතී මිය
නියෝජ්‍ය විදුහල්පති
ලබුහේන්ගොඩ කනිටු විදුහල..