හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg

විදුහල්පති පණිවිඩය

ඩී.එච්.කන්නන්ගර,

අප පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති දීප්තිමත් පාසලකි. අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා හා සෞන්දර්යය අංශයන්ගෙන් අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

සීමිත සම්පත් සාර්ථක ලෙස උපයෝජනය කර ගනිමින් අනාගත ලොවට සාර්ථක ව ප්‍රවිශ්ට වීම සදහා අප පාසලේ දරුවන්ට හා ඔවුන්ට මග පෙන්වන ගුරු මණ්ඩලයට මාගේ නොමද ආශිර්වාදය හිමි වේ. මෙම වෙබ් අඩවිය විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි..!

ඩී.එච්.කන්නන්ගර,
විදුහල්පති
ලබුහේන්ගොඩ කනිටු විදුහල.