ගුණ නැණ පුබුදා බැබලේවා
ලබුහේන්ගොඩ විදුහල් මාතා
අභීත රුහුණේ මිනි පහනක් වී
ජයතු ජයතු විදුහල් මාතා
ශිල්ප කලා පියුමා කර පුබුදා
ළහිරු කිරණ දස අත විහිදා
දරු කැල වෙත නැණ එලි දල්වා
ජයතු ජයතු විදුහල් මාතා
ගුණ නැණ පුබුදා බැබලේවා.. //
දස දෙස කිත් රාවය නංවා
රෝහණයට මිනි පහනක් වී
වීර පුතුන් ජාතියට පුදා
ජයතු ජයතු විදුහල් මාතා
ගුණ නැණ පුබුදා බැබලේවා .. //
දම්රස දන මන කුළු දල්වා
සාහිත අඹරේ පුන්සද වී
ජයතු ජයතු විදුහල් මාතා
ලංකා දීපේ දීප ශිකා
සැරදේ වොරැදේ වොරැදේවා...





